I අධිකරණ වාර්තාකරු
වසර 20කට පසු දෙමළ සමාජය නියෝජනය කරන වෘත්තීය විනිසුරුවරයකු (Carrier Judje) අභියාචනාධිකරණයට පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය අනුව මෙලෙස පත්වීම් ලැබුවේ ත්‍රි'මලයෙන් බිහිව දශක දෙකක් පමණ වෘත්තිය විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ශෂී මහේන්ද්‍රන් මහතාය.
මෙයට පෙර එලෙස අවසන්වරට විනිසුරුවරයකු පත්වූයේ වර්ෂ 2001දීය. ඒ පසුකලක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් හොබවා දේශපාලනයට අවතීර්ණ වූ සී.වී. විග්නේෂ්වරන් මහතාය. ඒ වසර 2001දීය. ඉන්පසු ගතවූ වසර 20ක කාලය තුළ වෘත්තීය විනිසුරුවරුන් නොවන දෙමළ ජාතික නීතිඥවරුන් ගණනාවක් උසස් අධිකරණවලට පත්වූ නමුත් වෘත්තීය විනිසුරුවරයකු මෙලෙස ඇපැල් උසාවියට පත්කළේ 20 වසරකට පසුව වීම විශේෂත්වයකි.